ලංකාව කියන්නේ බහු ආගමික රටක්. විවිධ විදේශීය ආක්‍රමණ නිසා බහු ආගමික වුණත් ඒ ආශ්රිත මත ගැටුම් සිදු වන්නේ කලාතුරකිනි. එමෙන්ම රටේ වැඩි පිරිසක් අන්‍ය ආගම්වලට ද ගරු කරනා අතර තමන් රුචි ආගමක් අනුගමනය කරමින් ජීවත් වේ.
කතෝලික ආගමට අප සැවොම ගෞරව කරනවා. ලෝක ජනගහනයෙන් 1/3 ක පිරිසක් වන්දනා කරනා බැතිමතුන් සමරන විශේෂ ම දිනය EASTER හෙවත් පාස්කු දිනය යි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහි කරමින් ඔවුහු මෙම දිනය සමරති. නමුත්, 2019 වසරේ පාස්කු දිනය ලංකාවාසීන්ට මෙන් ම ලෝකවාසීන්ට ද ඉතා අඳුරු දිනයක් දිනයක් විය. පාස්කු දිනය සමරන්නට පල්ලිය වෙත ගිය බැතිමතුන් බොහෝ දෙනෙකුට සහ සති අන්තය විවේකී ව ගත කරන්නට සංචාරක නවාතැන්පල කිහිපයක සිටි පිරිසකටත් තම දිවි ගමනට තිත තැබීමට සිදුවිය. එමෙන් ම විශාල පිරිසක් ආබාධිත වූහ. ඒ පිලිබඳ සිහි කිරීම පවා ඛේදජනක ය. ඉස්ලාම් අන්තවාදයට නැඹුරු වූ ලාංකීය තරුණ කණ්ඩායමක් විසින්, L.T.T.E. ත්‍රස්තවාදය නිමා කොට දස වසරක් යන්නටත් මත්තෙන් මේ පින්බිමෙහි කළ මහා මිනිස් සංහාරය, I.S.I.S. ත්රස්තයන් විසින් මෙහෙය වූ පාස්කු ඉරුදින ප්‍රහාරය යි. I.S.I.S. යනු, මේ වන විට ලොව සිටින දරුණුතම අපරාධ සංවිධානයක් ලෙස හැඳීන්විය හැකි ය. මොවුන් ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් වන අතර අන්‍ය ආගමිකයන් ඝාතනය කොට ස්වර්ගස්ථ වීමට බලාපොරොත්තුවෙන් සිටිනා පිරිසකි.
මේ වනවිට පිහිටුවා තිබෙන 'පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශන සිදු කරන විශේෂ ජනාධිපති කොමිසම'ට පැමිණෙන එකල රජයේ ඉහල නිලයන් දැරූ උදවිය කරනා ප්‍රකාශවලින් අපට පැහැදිලි වන්නේ ඒ මහා විනාශය බොහෝ දෙනෙකු දැනුවත් ව වූ බවත් දැන් දැන් සැවොම අත සෝදා ගනිමින් බෝල පාස් කරනා බවත් ය. ලංකාවේ නීතිය තිබෙන්නේ දුප්පතාට පමණක් බව ප්‍රකට වන අවස්ථා ඕනෑ තරම් දක්නට තිබේ. කුසගිනි දරන්නට ම නොහැකි තැන වත්තකින් අඹ ගෙඩියක් කඩාගත් අසරණ මවකට එසැනින් ක්‍රියාත්මක වූ නීතියේ දෙවඟන මෙවැනි බරපතල කාරණාවලදී මන්දගාමී වන්නට හේතුවක් නොදනිමි. ඇතැම් රටවල මෙවැනි සිදුවීමක් වූ විට ඒ හා ඍජු සම්බන්ධයක් නොමැති වුවත්, තම අතපසුවීමකින් හෝ එවැන්නක් වූ බව සිතා වරද පිළිගෙන සේවයෙන් ඉවත් වන රාජ්‍ය නිලධාරීහු සිටිති.නොඑසේනම් එවැනි වරදකට නීතිය මනා ව ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, මෙරට ජනතාව මේ වනවිට යම් තරමකට හෝ බුද්ධිමත් ව ක්‍රියා කරන බව දක්නට ලැබේ. නව පරපුර ද දැන් දැන් දැනුම්වත් බවින් කටයුතු කරන බව පෙනේ.
යම් රටක පාලනාධිකාරිය දැනුවත් ව මෙවන් විපත් සිදු වනවා නම් එරටෙහි ආරක්ෂාව පිලිබඳ කවර කතා ද?
කුමක් වුව ද මේ වනවිට ඇතැමුන්ගේ දෑත්වල ලේ පැල්ලම් තැවරී හමාර ය. ස්වර්ගස්ථ වන්නට සිතූ පිරිස් නිරයෙහි දුක් විඳිනවා විය හැකි ය. තම තමන් කළ දේවල විපාක ඒ ඒ ප්‍රමාණයන් අනුව එම පුද්ගලයන්ට හිමි වේවි. ඇතැමුන්ට දැනට ම ලැබී ඇත. කෙසේ වෙතත්, අහිමි වූ ආදරණීයයන් නැවත පැමිණෙන්නේ නැත. ආබාධිත වූ අයට පෙර සේ ජීවත් විය නොහැක.
කියන්නා කෙසේ කීව ද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු ය. මෙම ප්‍රහාරය දියත් කළ තරුණ කණ්ඩායමේ සියල්ලෙක් ම පාහේ ඉතා උගත් අයවලුන් ය. නමුත්, අන්ධ විශ්වාස විසින් ඔවුන් ව වෙලාගෙන තිබේ. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති අතර දේවල් විමසා පිළිගැනීම අප සතු තීරණයකි.
මේ පිලිබඳ ව කෙතරම් වචන වැය කළත් මේ වනවිට නොවිය යුත්ත සිදු වී හමාර ය. අවසන් වශයෙන් මෙවන් විනාශයන් නැවත නොවන්නට පුරවැසියන් ලෙස සැවොම වගබලා ගත යුතු අතර කුඩා කල සිට ම දරුවන්ට විමසා ක්‍රියා කිරීම කියා දෙන්න.
💙😋👌
ReplyDelete❤️🖤💚💛💙
DeleteGood article 👍👍
ReplyDelete🖤
DeleteGreat 🔥
ReplyDelete🖤
DeleteThis comment has been removed by the author.
ReplyDelete👌👌👌
ReplyDelete🖤
Delete🤟👍👍
ReplyDelete👍👍
ReplyDelete🔥🔥
ReplyDelete🖤
Delete👌👌👌
ReplyDelete🖤
Delete🖐️🔥
ReplyDelete🖤
DeleteEla❤
ReplyDelete🖤
Deleteniyamai...
ReplyDelete🖤
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි...දිගටම ලියමූ💙😍
ReplyDelete🖤
Delete