ලස්සනට ඉන්න කවුරුත් කැමතියිනේ. ඉතින් ලස්සන වෙන්න අපි හීන දකිනවා. විශේෂයෙන් පිරිමි ළමයින්ට සාපේක්ෂ ව ගැහැණු ළමයි ලස්සන ගැන ටිකක් වැඩිපුර හිතනවා කිව්වොත් මම වැරදි නෑ. මොන ම දෙයක් හරි පාවිච්චි කරලා තමන්ගෙ ලස්සන වැඩි කරගන්න හිතාගෙන ගොඩක් අය නොයෙකුත් දේවල් කරනවා. ඒ දේවල් අතරේ නිය ආලේපන නැත්නම් Nail Polish වලට වැඩි ඉඩක් ලැබෙන හින්ද ම ඒ ගැන තමයි මේ ලිපිය අද ලියවෙන්නේ. 😉
ගොඩක් දේවල් සොයා ගැනීමේ හා නිර්මාණයේ ප්‍රමුඛයෙක් වන චීනය තමයි මුලින් ම නිය ආලේපන භාවිතා කර ඇති බවට සදහන් වෙන්නේ. ක්‍රි.පූ. 3000දී පමණ රාජකීයයන්ගෙන් ආරම්භ වුණ මේ නව විලාසිතාව බිත්තර සුදු මද වගේ දේවලින් නිෂ්පාදනය කරගෙන ඇති අතර ඊජිප්තුව ද ඉහළ හා පහළ පන්ති ද්විත්වයට වෙන් වෙන් වූ නිය ආලේපන භාවිතා කළ බවට සාධක ලැබී තිබෙනවා. ක්‍රම ක්‍රමයෙන් දියුණු වු නිය ආලේපන ක්ෂේත්‍රය මේ වනවිට ඉතා පුළුල් පරාසයක විහිදී තිබෙනවා අපිට දකින්න පුලුවන්. නියපොතු අලංකරණයට භාවිත කරන නිය ආලේපන ලැකර් ලෙසින් ද හදුන්වනවා. ඒවා නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ලෙස nitrocellulose, ethyl acetate, chromium oxide, bismuth oxychloride, resin ආදී කිහිපයක් සදහන් කරන්න පුලුවන්. නිය ආලේපන දෑත්වලට වගේ ම දෙපාවලටත් යොදා ගන්නා අතර සෑම වසරක් පාසා ම පවත්නා වර්ණ ගොන්නට නව වර්ණ රැසක් ම එකතු වීම සුවිශේෂී ය.
මේ වනවිට පවතින ප්‍රධාන නිය ආලේපන වර්ග ලෙස,
* Base coat
* Top coat
* Gel
* Matte ආදිය ද ඒ අතරට පහත දැක්වෙන පරිදි කාණ්ඩ කිහිපයක් ද අයත් ය.
# Shimmer
# Glitter
# Cracked
# Creme
මේවා නියපොතුවලින් ඉවත් කිරීමටත් වෙන් වූ ද්‍රාවණයක් පවතින අතර එය 'Nail polish remover' ලෙස හැදින්වේ. එය ප්‍රධාන වශයෙන් acetone, ethyl acetate ආදිය යොදා ගනු ලබන අතර 1920දී පමණ Michelle Menard නමැත්තා විසින් මෙය සොයා ගන්නා ලදී.
කොහොම වුණත් මේ හා සම්බන්ධ විශේෂවේදීන් සහ වෛද්‍යවරුන් කියන විදියට නිය ආලේපන වගේ ම ඉවත් කිරීමේ ද්‍රාවණ මිනිස් සිරුරට අහිතකර ය. ඒ අනුව nail polish සහ remover භාවිතයෙන්,
උපත් ආබාධ
අඩු බර දරු උපත්
ගබ්සා වීම්
පිළිකා අවදානම්
දියවැඩියා අවදානම්
අන්තරාසර්ග පද්ධතියට හානි වීම
නිය හමට හානි වීම
නිය මත බැක්ටීරියා, දිලීර ඇති වීම
ආසාත්මිකතා ඇති වීම
ඇස්වලට හානි වීම
වැනි තත්තව ඇති විය හැකි ය. විෂ රහිත නිය ආලේපන තමන් විසින් නිෂ්පාදනය කරන බව සමාගම් හිමිකරුවන් විසින් පැවසුව ද එය අසත්‍යයක් විය හැකි බව බොහෝ දෙනා දරන මතයකි. නිය ආලේපන මගින් වන හානි අවම කර ගැනීමට 'නිය තීන්ත' ( nail paint) භාවිත කෙරෙන අතර ම නිතර නිය ආලේපන ගැල්වීමෙන් වැළකීම සහ සතියකට වරක් නිය ආලේපන ඉවත් කොට නිදහසේ නිය පවත්වා ගැනීම මගින් ඉහත කී තත්වයන් අවම කරගත හැකි බව වෛද්‍යවරු පවසති.
✌
ReplyDelete👌👌
ReplyDelete👍
ReplyDelete👍👍
ReplyDeleteවටිනවා
ReplyDelete👍👍
ReplyDeleteSupiri❤
ReplyDelete👍👍👍👍👍👍👍👍👍👍
ReplyDelete👍👍
ReplyDeleteනියපොතු පාට කලාට අද තමා හරියට දැනගත්තේ.. නියමයි💜⭐
ReplyDeleteWoah 🥂💛
ReplyDelete👍👍👍
ReplyDeleteඒත් ගානවා.😁
ReplyDelete💅💅💅💅👀
ReplyDelete