12 November, 2020

චක්කරේ 3*5*8*7

      නම ඇසුන පමණින් බාල - මහලු කා හට වුව ද සිහිපත් වන , පාසල් දරුවන් අකමැති ම මාතෘකා අතුරින් එකක් ලෙස ගුණන වගුව හැඳින්විය හැකි ය. චක්කරය පාසල් අවධියේ පමණක් නොව, ඉන් පසු ව එදිනෙදා වැඩ කටයුතුවලට ද බොහෝ සෙයින් උපකාරී වේ. එසේ නම් පයිතගරස් වගුව හෙවත් ගුණන  වගුව පිලිබඳ කෙටි අවබෝධයක් මෙසේ ලබා ගනිමු. 


   පයිතගරස් වැනි විද්වතුන් ඇසුරෙන් බිහි වූ ගණිතමය සංකල්පවල ගුණ කිරීම ද ප්‍රධාන වේ. බින්දුව හැර ඕනෑ ම ඉලක්කමක් තවත් ඉලක්කමකින් වැඩි කිරීම මෙහි මූලික ක්‍රියාදාමය වේ. දැනට පිළිගෙන ඇති අයුරට ලෝකයේ භාවිතා වූ පැරණිතම ගුණන වගුව බැබිලොනියන්වරුන් විසින් භාවිතා කොට ඇත. ඒ සංඛ්‍යා 60ක් යොදා ගනිමිනි. නමුත්, චීන ජාතිකයන් භාවිතා කළ බවට සාධක හමු වන උණ තීරු මත ඉලක්කම් සටහන් කොට තිබූ ගුණන වගුව ඉලක්කම් 10ක් භාවිතා කර ඇත. එමෙන් ම ලොව භාවිතා වූ පැරණිතම ගුණන වගුව ලෙස ග්‍රීසියේ ගුණන වගුව ද හැඳින්වේ. එය මේ වනවිට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක් තුළ තැන්පත් කොට තිබේ. ඒ අනුව පැරණි ම ගුණන වගුව පිලිබඳ ගැටලුකාරී මතයන් පවතී. කෙසේ නමුත්, චීන ගුණන වගුව පැරණි බව බොහෝ තැන්වල සඳහන් හෙයින් එය පිළිගැනීම කළ  හැකිය.


 බැබිලොනියන්වරුන්ගේ මැටි පුවරුවෙහි කළ ගුණන වගුව 


 චීන ජාතිකයින්ගේ ගුණන වගුව 
     
    දශම ගුණ කිරීමේ ක්‍රමයක් ලෙස චීන ජනතාව තම ගුණන වගුව භාවිතා කළහ. ඔවුන් මේ සඳහා මනා උපක්‍රම භාවිතා කොට ඇති බව ඒ ඇසුරෙන් පර්යේෂණ කළ මහාචාර්යවරු පවසති. එමෙන් ම ක්‍රි.ව. 493දී පමණ victorious නම් අයෙකු විසින් තීරු 98ක ගුණන වගුවක් ද, ගණිතවේදී john විසින් 99*99 දක්වා ගණිත වගුවක් ද ඉදිරිපත් කොට ඇත. නමුත් අප මේ වනවිට භාවිතා කරන්නේ දොළොස් වරක් වනතෙක් චක්කරය පමණි.

     ගුණන වගුව පහසු කරනා ක්‍රම විධි ඕනෑ තරම් ය. චීන ජාතිකයින් කවි ඇසුරෙන් එය සිදු කළහ. එමෙන් ම අතැඟිලි හසුරුවමින් කිරීමට උපායන් ද පවතී. කෙසේ නමුත් දැන් දැන් දරුවන් මොළය වෙහෙසීම වෙනුවට යන්ත්‍ර භාවිතය හුරු වී ඇත. ඉතා සරළ දෙයක් වුව ද යන්ත්‍රයෙන් කර ගැනීමට පෙළඹී සිටිති.  බොහෝ ළමුන් ඉගෙන ගන්නේ ද මව්පියන්ගේ පෙරැත්තයට ය. මැළිකම් පසෙක දමා චීන ජාතිකයින් මෙන් සරළ ක්‍රම තුළින් දිනුම ලබා ගැනීමට හුරු වෙමු.

කෙසේ වුවත් චක්කරය යනු අපට ඇතුවත් බැරි නැතුවත් බැරි මෙව්වා එකකි. 😉


  

12 comments: