ජරමර ටික්ටොක් අප මේ සිටින්නේ තාක්ෂණය මතින් ලොව ම දිවෙනා මොහොතක ය. ගත කරමින් සිටින සෑම තත්පරයක ම තාක්ෂණික පෙරළියකට තුඩු දෙන ඕනෑ ම දෙයක් ලොව කිසියම් ම තැනකින් හෝ සිදුවිය හැකි ය. මිනිසා තම දැනුම දියුණු කරමින් තාක්ෂණය වහලකු කොටගෙන හමාර ය. එසේ යන ගමනේ දී චීනය පිළිබඳ ව සිහියට එන්නේ නිතැතිනි. අද වෙළදපොළ දෙස බැලූ විට එහි වැඩි ම ඉඩක් ගනු ලබන්නේ චීනයෙන් ආනයනය කරන ලද විවිධ උපාංගයන් ය. භෞතික ව පමණක් නොව අතත්‍ය කියුම් කෙරුම් තුළින් ද චීනය ඉතා ඉදිරියෙන් සිටී. ඔවුන් ලොවට ඉදිරිපත් කර ඇති නිමැවුම් අතරින් 'ටික් ටොක්' යනු ඉතා ජනප්‍රිය යෙදුමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
2016 වසරේ චීනයේ 'Byte Dance' ආයතනය මගින් බීජිං නුවර ද, 2018 වසරේදී 'music.ly' හා අත්වැල් බැද ගනිමින් ලොව පුරා ද මුදාහැරුණ මෙම යෙදුම් මෘදුකාංගය 2020 ඔක්තොම්බරය වන විට බාගත කිරීම් මිලියන 2 ඉක්මවා තිබේ. චීනය තුළ 'Douyin' නාමයෙන් හදුන්වන මෙය තත්පර 1ත් මිනිත්තුවත් අතර අධ්‍යාපනික, විනෝදාත්මක ශ්‍රව්‍ය - දෘශ්‍ය චලන ඉදිරිපත් කළ හැකි යෙදුමකි. ලොව පුරා පවත්නා විවිධ භාෂා 40කින් අන්තර්ජාලය හරහා මෙය ලබාගත හැකි අතර 2019 වසර තුළ පමණක් මේ තුළින් චීනය ලබා ගත් ආදායම ඇ.ඩො.මි. 81කට අධික ය. අද වනවිට ලොව පුරා පරිශීලකයින් වැඩි වශයෙන් භාවිතා කරන Youtube, Facebook වැනි සමාජ මාධ්‍ය තුළින් ද වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ටික් ටොක් වීඩියෝ පට ය.
ඉහත අරමුණින් මෙම යෙදුම නිර්මාණය කළ ද එහි අවම වශයෙන් පවතින්නේ ද මෙවැනි දේවල් ය.
අප මේ සිටින්නේ තාක්ෂණය මතින් දිවෙනා යුගයක බව ඉහතින් ද සඳහන් කළෙමි. නමුත් අදින් වසර 10කට පමණ පෙර ලෝකය තිබුණේ මෙතැනින් අඩි කිහිපයක් පිටුපසිනි. එකල ජීවත් වූ පරම්පරාවට වඩා අද පරපුර තාක්ෂණික සාක්ෂරතාවෙන් ඉහල ය. ඊටත් වඩා හෙට උපදින දරුවාගේ සාක්ෂරතාව ඉහල ය. මන්ද යත් තාක්ෂණයට අනුරූප ව මිනිසා ද අනුවර්තනය වන හෙයිනි. ඒ අනුව තාක්ෂණය භාවිතා කරන්නේ තරුණයන් පමණක් නොවන බව පෙනෙයි. නමුත් ළමයින් යනු හයක් හතරක් නොදන්නා පිරිසකි. අන් රටවල මෙන් ම අප රටේ ද ළමයින් ටික්ටොක්හි නිරත වනවා ඕනෑ තරම් දැකගත හැකි ය. මෙහිදී ඔවුන් යෙදුම භාවිතා කිරීම හරහා අනාරක්ෂිත තත්ත්වයට පත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙන බව කවුරුත් දනිමු. මෙම යෙදුම ද එසේම ය. නිර්මාණය කළ අරමුණට හාත්පසින් ම විරුද්ධ දිශානතියකට එනම්, අසභ්‍ය, දුරාචාර, කාමුක දර්ශන ආදිය වැඩි වශයෙන් ප්‍රචාරණය වීම නිසා චීනයේ මාධ්‍ය බලධාරීන් ද 'Byte dance' හට දැඩි අවවාද, බලපෑම් කරන්නට විය. වරක් මහජන සදාචාරය උල්ලංඝණය වන පරිදි ටික්ටොක් යෙදුම භාවිත කළ ඊජිප්තු ජාතික කාන්තාවන් 5 දෙනෙකුට එරට රජය විසින් 2020 ජූලි මස සිට වසර 2ක සිර දඬුවම් නියම කරන ලදී. ඇති වූ මෙවැනි ගැටලු නිසා ටික්ටොක් භාවිතා කරන දරුවන් ව ආරක්ෂා කර ගැනීමට
# Bark
# Questodio
# Mspy
ආදී වශයෙන් දෙමව්පිය යෙදුම් ඉදිරිපත් කිරීමට bytedance හට සිදුවිය.
සංස්කෘතිකමය වශයෙන් පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික ගැටුම්වලට ද මුහුණ දීමට චීනයට සිදු විය. එහි උච්චත ම අවස්ථාව නම් ඉන්දියාව විසින් චීන දේශසීමා ගැටුම් හේතු කොටගෙන ඉන්දීය ජනගහනයෙන් 43%ක් පමණ භාවිතා කරන ටික්ටොක් ඇතුළු යෙදුම් 59ක් පමණ 2020 ජූනි මස 29වන දින තහනම් කරන ලදී. එම යෙදුම් අතරින් කිහිපයක් ලෙස,
★ Shareit
★ UC Browser
★ Likee
★ You Cam makeup
★ We chat
★ Viva video
★ Clean master
★ X ender
ආදිය දැක්විය හැකිය. මීට අමතර ව,
⏺ පෞද්ගලික තොරතුරු ආරක්ෂණ පනත උල්ලංඝනය හේතුවෙන් කොරියාව විසින් චීනයට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීම
⏺ ඉන්දුනීසියාව, බංගලාදේශය වරින් වර ද ආර්මේනියාව, පකිස්ථානය එකවැරම ද ටික්ටොක් යෙදුම තහනම් කිරීම.
සඳහන් කල හැකි ය.
මෙම යෙදුමට මේ වනවිට බොහෝ පුද්ගලයන් ඇබ්බැහි වී ඇතිවාක් මෙනි. ඇතැමුන් දිනකට වීඩියෝපට කිහිපයක් ම මුදා හරින බව පෙනෙන්නට තිබේ. මෙවැනි තත්ත්ව වළකවා ගැනීම පිණිස නව අංගයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව සෑම මිනිත්තු 90කට වරක් යෙදුම හරහා විවේකයක් ලබා දීමේ ක්‍රමය නිර්මාණය විය.
සාමාන්‍යයෙන් සිදුවන පරිදි දත්ත සොරුන්ට මේ මගින් පෞද්ගලික දත්ත සොරාගත හැකි බවට ඔප්පු වුව ද මෙහි නිර්මාතෘවරු එය ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ද මෙරට පරිශීලකයන් වෙත දැනුම් දී ඇත. ඒ අනුව ටික්ටොක් යෙදුමට සමාන යෙදුමක් මගින් මෙවැනි දේ ඔවුන් සිදු කරන බව අනාවරණය විය. තරඟකාරීත්වය වැඩි වීමත් සමඟ ම Youtube සමාජ ජාලය විසින් 'shorts' නමින් මේ හා සමාන නව යෙදුමක් ඉදිරිපත් කරන්නට විය. එය තරමක් ජනප්‍රිය වුව ද ටික්ටොක්හි තැන ගන්නට තව ම හැකි වී නොමැත.
එක් වසරක් තුළ ලොව ම අඩපණ කරන්නට වූ කොරෝනා වෛරසය පිළිබඳ ටික්ටොක් හරහා ද අසත්‍ය දේ ප්‍රචාරය වූ නිසා එය වැළැක්වීම සඳහා වෙනම විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට ද මොවුන්ට සිදු විය. එමෙන් ම ටික්ටොක් යෙදුම ද සාමාන්‍ය පරිදි වාරණය වෙමින් ක්‍රියාත්මක වන බව ඔබ දන සිටියාද? ඒ අනුව,
1. හින්දු - මුස්ලිම් සහයෝගී ටික්ටොක් ගිණුම්
2. ජනවාර්ගික ගැටුම් උග්‍ර කරන ගිණුම්
3. Vladimir Putin, Barack Obama, මහත්මා ගාන්ධි වැනි අය පිළිබඳ අදහස් දැක්වෙන ගිණුම්
4. ඉතා දිළිඳු, විරූපී, ආබාධිත පුද්ගලයන් භාවිතා කරන ගිණුම්
5. චීනය විවේචනය කරමින් අදහස් දක්වන ටික්ටොක් ගිණුම්
ආදිය අවහිර කිරීම ඔවුන්ගේ න්‍යාය පත්රයයි.
ලොව පවත්නා බොහෝ දේ යහපතට හෝ අයහපතට යොදාගත හැකි ය. භාවිතා කරන පුද්ගලයා අනුව එය තීරණය වේ. ලොවක් ඉදිරියේ නිරුවත් වීම, අන්‍යන්ට අපහාස කිරීම, අන්සතු දේ පැහැර ගැනීම අද වනවිට ජනප්‍රිය වීමේ කෙටි ක්‍රම ලෙස දැකගත හැකි ය. ඒ අනුව පෙනෙන්නට තිබෙන්නේ තාක්ෂණය මිනිසා ව අඳුර කරා ගෙන යන බව ය. එහෙයින් සිතා මතා කටයුතු කිරීම නුවණට හුරු ය.